අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලුම පෙරපාසල් වසා තැබේ

Latest Headlines Rain Sinhala news Breaking News School Holiday
By R.rishma Oct 26, 2026 12:53 PM GMT
Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (27) දිනයේදී දිවයින පුරා පිහිටි සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වසා තැබීමට තීරණය කර තිබේ.

පෙරපාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, හෙට දිනයේ සියලුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වසා තබන ලෙස ඒවායේ පාලිකාවන් සහ පරිපාලක මණ්ඩල වෙත දැනුම් දී ඇති බව එම කාර්යාලය සඳහන් කරයි.