මිහින්තලේ හිමිගෙන් දැඩි තීරණයක්..!
මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසන්නේ පොසොන් උත්සවය සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා පිණ්ඩපාතයේ වැඩම කර ඉතිරි මුදල සොයා ගැනීමට කටයුතු කරන බවයි.
උන්වහන්සේ අද(23) පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.පොසොන් උත්සවය සඳහා රජය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීම පිළිබඳව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඉකුත් ඉරිදා සිය අප්‍රසාදය පළකර තිබුණා.
ඒ, උතුරු මැද පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිත්.යූ.ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යන මහත්වරුන් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර පොසොන් උත්සවයේදී මිහින්තලා පුදබිම වෙනුවෙන් පමණක් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 31ක් මේ වන විට නිකුත් කර ඇති බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |