බදු ඉහළ දැමීම හැර වෙන විකල්පයක් නැහැ - මුදල් ඇමති

Central Bank of Sri Lanka Ali Sabry Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Apr 29, 2022 02:35 PM GMT
Report

පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

බීබීසී පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය වැරදි බවය.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව එම ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර දක්වා ඉහළ යායුතු බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඉදිරි මාස 08 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික මුදලක් අවශ්‍ය වන බවද මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා බීබීසී පුවත් සේවය සමග පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now