නාය යෑමක් නිසා සිදුවූ අවාසනාන්ත සිදුවීම.. පුද්ගලයෙක් මරුට
ඇදහැලණු ධාරානිපාත වැසි සමඟ ඊයේ (08) රාත්‍රියේ අලවතුගොඩ, දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක ගල්බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස සිදුවීම වී ඇත්තේ උස් ප්‍රදේශයක පිහිටි නිවසේ මිදුල නායයාමට ලක්වීමත් සමඟ අඩි 15ක් පමණ උසකින් යුත් අදාළ ගල්බැම්ම නිවසට පහළින් පිහිටි මාර්ගය වෙත කඩා වැටීමෙන්.
එය එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු මතට වැටී තිබිණා. පොලීසිය ප්‍රදේශවාසීන් සමඟ එක් වී අනතුරට ලක් වූ පුද්ගලයා ඉවතට ගෙන අකුරණ රෝහලට ඇතුළත් කළ ද ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ අකුරණ කුරුඳුගහඇළ ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
මේ අතට මේ දිනවල පවතින් දැඩි වර්ෂාපතනය හමුවේ අකුණු නාය යෑම් සහ සුළං වලින් සිදුවන අනතුරු අවම කරගන්න ලෙස කාලගුණවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් ජනතාවට දැනුම්
දී තිබෙනවා.