මස්සිනාට නෑනාගෙන් බිහිසුණු කැති ප්‍රරහාරයක්..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 20, 2023 01:59 PM GMT
Report

අද(20) පොලීසිය විසින් බීමත්ව පැමිණ තමන්ට බැන වැදී පහර දීමට තැත් කරන සිය මස්සිනාට කැත්තකින් කොටා බරපතල තුවාල සිදු කළ බව කියන 59 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ කැති ප්‍රහාරයට ලක්ව ඇති 58 හැවිරිදි මෙම පුද්ගලයා සිය මවගේ නිවසේ පදිංචිව සිටින බවත් එම නිවසට ආසන්නව ඔහුගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පදිංචිව සිටින බවත් මෙම පුද්ගලයා නිතරම බීමත්ව පැමිණ සිය සහෝදරයාට සහ ඔහුගේ භාර්යාවට බැන වදින බවයි.

මෙලෙස පහර කෑමට ලක්වූ පුද්ගලයා විවාහ තුනක් කර ගෙන තිබූ අයෙක් බවත්, මේ වන විට එම විවාහ තුනෙන්ම දික්කසාද වී මවගේ නිවසේ පදිංචිව සිටින බවත් වාර්තා වනවා.

 ඊයේ(19) සවස මෙලෙස බීමත්ව පැමිණ ඇති මෙම පුද්ගලයා සිය නෑනාට බැණ වැදී පහර දීමට උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවේදී ඇය විසින් ඔහුට කැත්තකින් කොටා තිබෙනවා.

මෙම ප්‍රහාරයට ලක්වී පැය කිහිපයක් නිවස තුල වැටී සිටි ඔහු පසුව පොලීසිය මැදිහත්ව සුවසැරිය ගිලන් රථ සේවාව මගින් මාතලේ මූලික රෝහලට ඇතුලත් කරනු ලැබ තිබෙන බවයි වාර්තා වෙන්නේ.මෙම සිදුවීමෙන් බරපතල තුවාල සිදු ව ඇත්තේ අලවතුගොඩ, විලාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.

මෙම කැති ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් තුවාලකරුගේ සහෝදරයාගේ භාර්‍යාව වන 58 හැවිරිදි කාන්තාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයව අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now