උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව ලැබෙන අලුත් ක්‍රමවේදය..

Ministry of Education Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 25, 2022 07:30 AM GMT
Report

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 දෙනෙකු බැගින් කලාප 99න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2970කට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර ඇත.

එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රු.5,000ක් බැගින් මාස 24ක උපරිම කාලසිමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනැමෙනු ඇත.

මේ වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලද පසු අ.පො.ස උසස් පෙළ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම් පළ කෙරෙයි.