උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ගැන ගත් විශේෂ තීරණය..

A D Susil Premajayantha Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Feb 23, 2023 05:47 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවය. 

 ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බව ද පැවසු අමාත්‍යවරයා, අමාරුකම් මධ්‍යයේ වුවත් අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කළ බව ද කියා සිටියේය.

ඒ අනුව ගුරුවරුන්ගේ දීමනාව යම් ප්‍රමාණයකින් වැඩිකිරීමට කටයුතු කර ඇතැයි පැවසු අමාත්‍යවරයා, ප්‍රතිඵල ලබාදී අවසන් කිරීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරු 1,300ක් අවශ්‍ය බව ද පැවසීය.

ඒ අයගේ ද වෘත්තීය ගැටලුවක් ඇති බව පැවසු අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් එළැඹෙන සිකුරාදා දිනයේ දී මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now