උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ගැන නිවේදනයක්.

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination
By krishani Aug 02, 2023 02:51 PM GMT
Report

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ මස 5,6,7 යන දිනවල දී දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77ක දී පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ ය.

පාසල් අයැඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යවා ඇත.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුණුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ද විභාග ප්‍රවේශ පත්‍රය භාගත කළ හැකි ය.