උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්. (PHOTO)

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination Education
By krishani Jun 16, 2023 05:53 AM GMT
Report

අ.පො.ස. උසස් පෙළ 2022(2023), විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැටුම් (දේශීය) , නැටුම් (භරත), සංගීතය (පෙරදිග) - 2023 ජුනි 27 සිට ජූලි 06 දින දක්වාත්, ඉංජිනේරු තාක්ෂණවේදය - 2023 ජූලි 12 දින හා ජූලි 21 දින දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය - 2023 ජූලි 29 දින සිට ජූලි 31 දින දක්වාත් පැවැත්වෙන බවයි.

Gallery