උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By krishani May 20, 2023 04:05 AM GMT
Report

අද (20) සිට, උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32ක දී ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විෂයන් 05ක ඇගයීම් කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවත් ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

මේ අතර, සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවක දී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත්, සියලු විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීම අවසන් කර තිබෙනවා.

එහි ඇගයීම් කටයතු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදුකරන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join