විශ්වවිද්‍යාල වරම් ලැබූවන්ට විශේෂ පණිවුඩයක්..
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
By krishani
මෙවර විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ නිවැරදිව සැලකිල්ලට ගත යුතු බවත් ඒ මහතා අද (30 ) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අතර 2021 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 42,519 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා අතර ඒ අතුරින් වෛද්‍ය පීඨ සඳහා සිසුන් 2,035 දෙනෙක්ද ඉංජිනේරු පීඨ සඳහා සිසුන් 2,238 දෙනෙක්ද සුදුසුකම් ලබා ඇති බව සඳහන් විය.