උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමට වෛද්‍යවරු සූදානම් වෙයි - අලුත්ම තීරණය මෙන්න..
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ, උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ නොකිරීම මහත් ඛේදවාචකයක් බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ගන්නා පිරිසක් බව මෙන්ම ඔවුන්ට මේ රටෙහි දියුණුව පිළිබඳ හැගීමක් නොමැති බවත් ඒ පිළිබඳ තැකීමක් නොකරන බවත් ය.
රජය විසින් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් පිළිතුරු පත්‍ර ඇගයීම සිදු කිරීමට සූදානම් බව ද වෛද්‍යවරයා එහි දී අනාවරණය කළා.
83 ජූලියේ වර්ජකයන් මෙන් මේ සියල්ලන් ම සේවයෙන් නෙරපා දැමිය යුතු බව ද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ඊයේ (25) පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තමන්ට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙන බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වූයේ රජය ගෙන යන බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |