උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම හා මෙවර සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පිරික්සීම ගැන විශේෂ නිවේදනයක්..!

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination
By Sewvandhi Jun 01, 2022 11:51 AM GMT
Report

අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර ජුනි 17 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

එම ඇගයීම් කටයුතු ජුනි 26 වනදා දක්වා සිදු කෙරේ. එහි දෙවන අදියර ජුනි මස 30 වනදා සිට ජුලි 09 වනදා දක්වා පැවැත්වෙයි. ඔහු තවදුරටත් පැවසුවේ පාසල් 85ක ඇගයිම් මධ්‍යස්ථාන 106ක් ක්‍රියාත්මක වන බවය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ (2021) විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරු 32,368ක් සේවයේ යෙදවීමට නියමිතය. මැයි 23 වනදා ආරම්භ කළ අපොස සාමාන්‍ය පෙළ (2021) විභාගය අද (01) නිමා වුණි.

ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසුවේ 2021 උසස් පෙළ පිළිතුරු පත්‍රවල ලකුණු ඇගයීම් ශාඛාව විසින් මේ වනවිට පරිගණක ශාඛාවට යවා ඇති බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා, 

"සාමාන්‍යයෙන් දෙසැම්බර් විභාගය තිබ්බාම සිංහල අවුරුද්දට කලින් ප්‍රතිඵල දෙනවා කියල නේ කියන්නේ. හැබැයි මෙවර එහෙම්ම ම කරන්න පුළුවන් වෙයිද දන්නෑ. මොකද ඒකට හේතුව දැන් අපි භාගෙට නතර කරලා තියෙන්නේ උසස් පෙළ."

"සාමාන්‍ය පෙළ ඉවර වුණා.. දැන් ආපහු පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව යන්න ඕනේ උසස් පෙළ ප්‍රතිඵල දෙන්න." "උසස් පෙළ ලකුණු ටික දැන් ඇගයීම් ශාඛාවෙන් ලබාදීලා තියෙනවා පරිගණක ශාඛාවට. ඒ දෙන අතරේ තමයි මේ ප්‍රතිඵලයත් එන්නේ. ඒ අතරෙම තමයි එන උසස් පෙළ සහ ශිෂ්‍යත්වයත් සංවිධානය වෙන්නේ."

"ප්‍රතිඵල දෙන්න තියෙනවා දැන් විභාග දෙකක. මේ සාමාන්‍ය පෙළ සහ පසුගිය උසස් පෙළ." "මෙහෙම යන අතරේ දෙසැම්බර් තියෙන සාමාන්‍ය පෙළ ආයේ පවත්වන්න වෙයි පෙබරවාරි මාර්තුවල."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now