උසස් පෙළ විභාගයේ පේපරයක් අවලංගු කෙරේ - නැවත වරක් විභාගය පැවැත්වෙන දිනය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Latest Headlines Decision Making
By krishani Jan 16, 2024 01:48 PM GMT
Report

මෙවර උසස් පෙළ විභාගයේ  කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

උසස් පෙළ විභාගයේ පේපරයක් අවලංගු කෙරේ - නැවත වරක් විභාගය පැවැත්වෙන දිනය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Al Agriculture Subject Again

ඒ විභාග දෙපාර්තමේන්තුව විසින් ය.

මීට පෙර, පසුගිය 12 වනදා කෘෂි විද්‍යාව දෙවන කොටස අවලංගු කළේ ය.

ඒ එම ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමගයි.

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන කතා කරන අධ්‍යාපන ඇමති..

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන කතා කරන අධ්‍යාපන ඇමති..


එමෙන්ම පසුගිය 08 වනදා පැවති එම ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ද අවලංගු කිරීමට තීරණය කර ඇති බව අද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත් වෙයි.

කෙසේ වෙතත්, එහි පළමු කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙනු ඇත.

Sponsored By Sarrita Jewellery

උසස් පෙළ විභාගයේ පේපරයක් අවලංගු කෙරේ - නැවත වරක් විභාගය පැවැත්වෙන දිනය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Al Agriculture Subject Again