අකුරැස්සම බිය ගැන්වූ හිස කඳෙන් වෙන් කළ ඝාතනය ගැන පොලීසියෙන් නිවේදනයක්

Sri Lanka Police Sri Lanka Crime
By Sithumi Jun 27, 2022 01:47 PM GMT
Report

අකුරැස්ස ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පුද්ගලයා කපු මහතෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. අද උදෑසන කාලයේදී මෙම අමානුෂික ඝාතනය පිළිබඳව වාර්තා වූයේ අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයෙනි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 70 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේ පදිංචිව සිටි කපු මහතෙකි. ඔහු සිය නිවසේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී තිබේ.

මේ අතර ඝාතනය සිදුකළ සැකකරුගේ පහරකෑමට ලක්වීම හේතුවෙන් එම කපු මහතාගේ 60 හැවිරිදි වියේ පසුවන ඔහුගේ බිරිඳ සහ 40 හැවිරිදි වියේ පසුවන ඔහුගේ දියණියද කැපුම් තුවාල සහිතව අකුරැස්ස රෝහලට ඇතුලත් කර තිබේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ නිවස අසළ පදිංචි අයෙකු විසින් මෙම අමානුෂික ඝාතනය සිදුකර ඇති බවට හෙළිවී ඇති බව පොලීසිය පවසයි. ඝාතනයට සම්බන්ධ බවට සැක 24 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු මේ වනවිට එම ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. සැකකරු විසින් ඝාතනයට ලක්කළ පුද්ගලයාගේ හිස කොටස නිල්වලා ගඟට දමා ඇති බව මූලික විමර්ශනවළදී හෙළිවී තිබුණි. එම හිස කොටස සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now