නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අලුත් තනතුරක්..

Ajith Rohana CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Mar 26, 2024 06:53 AM GMT
Report

වසර ගණනාවක් තිස්සේ විභාගය අවසන් නොවූ පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කර එම නිලධාරීන්ට සහනයක් ලබාදීමට පොලිස් මුලස්‌ථානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ කාර්යය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව අනාවරණය වී ඇත්තේ, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධයෙන් විවිධ කාලසීමාවන්වලදී ආරම්භ කර කාලයක් තිස්සේ දිග්ගැසෙමින් පවතින විනය පරීක්ෂණ හේතුවෙන් විශ්‍රාමික නිලධාරීන් විශ්‍රාම වැටුප් සහ සේවයේ නිරත නිලධාරීන් උසස්වීම් අහිමිව පීඩාවට පත්ව සිටින බවයි.

එය සැලකිල්ලට ගෙන කඩිනමින් විනය පරීක්ෂණ අවසන් කර සාධාරණයක් ඉටුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

විවිධ නිලධාරීන්ගේ පාලන කාලවලදී සුළු අතපසුවීම්වලට පවා නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදීම හේතුවෙන් උසස්වීම් හා විශ්‍රාම වැටුප් අහිමිව කලකිරීමට පත්වූ නිලධාරීන් දහස් ගණනක් සිටින බවයි හෙළිවී ඇත්තේ.