අජිත් රෝහණ යළිත් මාධ්‍යයට එයි..හිමිවූ අලුත්ම තනතුර මෙන්න..

Police Sri Lanka Ajithi Rohana Police spokesmen
By Aruna Jan 25, 2022 07:21 AM GMT
Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.

ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.

 මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද දින සිට මෙම පත්වීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළා.

කෙසේවෙතත් වර්තමානයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතායි.

මේ අතර ඉකුත් 2021 වසරේ පමණක් විවිධ වැරැදි සිදු කළ බන්ධනාගාර නිලධාරීන් 53 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රධාන පුවත්පතකට ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කර තිබෙනවා.

තවත් 18 දෙනකු රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now