අප්‍රේල් 01 වනදා කුමක් වෙයිද?..රට වෙනුවෙන් තීරණාත්මක හමුවක්..
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු එම ආයතනවල උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ලබන 1 වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පසුගිය 24 වෙනිදා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසට එම කමිටුව දැනුම්දී තිබුණද ඔවුන් ඊට සහභාගිවී තිබුණේ නැත.
මේ අනුව මුදල් කමිටු රැස්වීමට සහභාගී නොවීම සම්බන්ධයෙන් එම කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා මහ බැංකු නිලධාරීන්ට සිය අප්‍රසාදය පළ කර ඇත.
එලෙස කටයුතු කිරීම පාර්ලිමේන්තුවට අගෞරව කිරීමක් බවද ඔහු සඳහන් කළා. රටේ පවතින වත්මන් ආර්ථික තත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට එදින මෙසේ කැඳවනු ලැබ සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු එහි උසස් නිලධාරීන් , මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකි.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, තමා සහ තම නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ලබන 1 වැනිදා පෙනී සිටින බවයි.
මහ භාණ්ඩාගාර මුදල් මණ්ඩලයේ සාමාජික, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ලෝක බැංකු නිලධාරීන් සමග හදිසි සාකච්ඡාවක් යෙදී තිබූ බැවින් පසුගිය 24 වැනිදා පැවැති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට අකමැත්තෙන් වුව සහභාගිවීමට නොහැකිවූ බවත් ඒ බව එම කමිටුවට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.
එසේ නොමැතිව එම කමිටු රැස්වීමට සහභාගී සහභාගි නොවූයේ පාර්ලිමේන්තුවට අගෞරව කිරීමේ අදහසකින් නොවන බව පැවසූ කබ්රාල් මහතා කමිටු රැස්වීමට සියලු තොරතුරු සහිතව නොගියහොත් විපක්ෂයේ සමහරුන් තමාට සහ තමාගේ නිලධාරින්ට අගෞරව කරන බවද සඳහන් කළා.
රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ගැනීම සඳහා තමා ඇතුළු නිලධාරීන් පැය 24 පුරා ලොකු සංග්‍රාමයක යෙදී සිටින අවස්ථාවක පාර්ලිමේන්තුව ඒ ගැනද මධ්‍යස්ථව සලකා බැලිය යුතු බව තමාගේ අදහස යැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |