ගුවන් ප්‍රවේශපත්‍ර මිලත් ඉහලට..!

ukrain Delta Russian fuel price airticket
By Sewvandhi Mar 18, 2022 01:05 PM GMT
Report

ලොව විශාලතම ගුවන් සේවා සමාගමක් වන ඩෙල්ටා ගුවන් සේවය සිය ගුවන් ටිකට් පත් මිල සියයට 10 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඩෙල්ටා ගුවන් සේවයේ ප්‍රධානී ඊද් බැස්ටියන් ප්‍රකාශ කර ඇත්තේ ඉහළ යන ඉන්ධන මිල ගණන් මත එම තීරණයට එළඹි බවයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයෙන් පසු වසර 14 ක් තුළ වාර්තාවූ ඉහළම ඉන්ධන මිල මේ වනවිට වාර්තාවී තිබෙනවා.

එමිරේට්ස්, ජපාන ගුවන් සේවය සහ එයාර් ඒෂියා ගුවන් සමාගම්ද සිය ඉන්ධන පිරිවැය පියවා ගැනීමට ගුවන් ටිකට් පත් සඳහා අමතර ගාස්තු අය කිරීමටයි දැනටමත් පියවර ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN now