නොසන්සුන්කාරී චීන ජාතිකයා ගුවන් තොටුපළම කළඹවයි..!

Sri Lanka Sri Lanka Police Investigation Passport
By Sewvandhi May 21, 2023 03:10 PM GMT
Report

ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ කළ චීන ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

 අදාළ චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

එම චීන ජාතිකයා තවත් දෙදෙනෙකු සමඟ පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදි ආගමන විගමන නිළධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී එම චීන ජාතිකයාගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සැක මතුවී ඇති අතර එහිදි සිදුකළ සොයාබැලීමක දී ඔහු සතුව තිබි තවත් ගුවන් බලපත්‍රයක් හමුවී තිබේ.

ඒ අනුව එම චීන ජාතිකයා ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

පසුව එම චීන ජාතිකයා නිදහස් කිරීමට කටයුතු කළ බවත් ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දී වැරදිකරු බවට ඔප්පු වුවහොත් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගන්නා බවත් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම චීන ජාතිකයා සිය අමාත්‍යංශය යටතේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමයකට ආයෝජනය කිරීමට පැමිණි පුද්ගලයෙකු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

එම නිසා අදාළ පුද්ගලයා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 19 වන දින ආගමන විගමන පාලකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now