විදෙස් රටක් භීතියට පත් කරමින් 61 දෙනෙකුට මරු කැදවූ බිහිසුණු අනතුර..
Plane Crash
Accident
World
By Sithumini
බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නැහැ එහි කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දුන් සියලුදෙනාම බ්‍රසීල ජාතිකයින් වනවා.
සාඕ පවුලෝ අගනගරයේ සිට ග්වාරලියෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානය ගමන් කරමින් තිබියදී සාඕ පවුලෝ නුවරට කිලෝමීටර් 80ක් වයඹ දෙසින් පිහිටි වින්හෙඩෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.