ගුවන් යානයක් කඩා වැටෙයි..පුද්ගලයින් 05 ක් මරුට..(VIDEO)
Poland
Accident
World
By Aruna
පෝලන්තයේ Warsaw ප්‍රදේශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍ය Adam Niedzielski ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ, අවම වශයෙන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
Warsaw ප්‍රදේශයේ සිට කිලෝමීටර් 47 ක් දුරින් පිහිටි Chrcynno ගුවන් තොටුපලේ අනතුර සිදුවූ ස්ථානයට හෙලිකොප්ටර් හතරක් සහ ගිලන්රථ 10 ක් යවා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අනතුරට පත් යානය සෙස්නා 208 යානයක් බවත් අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුවක් විය හැකි බව සඳහන් කර ඇතත් බලධාරීන් එය තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.