මෙරට ගුවන් ගමන් පාලකවරුන් 30කට වැඩි පිරිසක් රට හැර යයි.

Sri Lanka
By Wayomi Dec 17, 2022 10:39 AM GMT
Report

මෙරට ගුවන් ගමන් පාලකවරුන් 38ක් රට හැර ගොස් ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

ඒ, මේ වන විට රටේ මතුව ඇති ආර්ථික ගැටළු හේතුවෙන්.

වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ පහසුකම් ලබාදෙන නිසා ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් ද මතුව ඇති බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.  



JOIN NOW