ගුවන් ප්‍රහාරයකින් 53ක් මියයයි..ලොවම කම්පා කළ ප්‍රහාරයක්..

Accident
By Aruna Apr 12, 2023 06:31 AM GMT
Report

මියන්මාර හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු කුඩා ළමුන් පිරිසක්ද වන බව විදෙස් මාධ්‍ය වාර්ථා සඳහන් කළා.

හමුදා පාලනයට විරුද්ධ වූ වයඹ දිග සැගේන් කලාපයේ ගම්මානයකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙන බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, 2021 වසරේ පෙබරවාරි මස බලය අල්ලා ගැනීමෙන් පසු හමුදා පාලනයට විරුද්ධවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර වැඩි වශයෙන් යොදා ගන්නා බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, මෙය ජාත්‍යන්තර නීති රීති නොසලකා හැරීමක් බවයි.

සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now