වායු ගුණාත්මකභාවය හොඳම සහ නරකම රටවල් ලැයිස්තුව මෙන්න. දකුණු ආසියාවත් ඒ අතර.
ලොව පුරා වායු තත්ත්වය ගැන සොයාබලන "IQAir" නම් සමාගම විසින් 2022 වසරේදී වායුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් නවතම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, අනුව 2022 වසරේදී වායුවේ ගුණාත්මකභාවය සෞඛ්‍යමත් බවට වාර්තා වී තිබුණේ රටවල් සහ කලාප 13ක පමණයි.
එම රටවල් වන්නේ,ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය, සහ නවසීලන්තයයි.
එම වාර්තාවේ සඳහන් පරිදි 2022 වසරේදී ලොව වායු දූෂණය භයානක ලෙස ඉහළ ගොස් ඇති අතර රටවල් සහ කලාපවලින් 90%කම වාර්ෂික වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශ ඉක්මවා ගොස් තිබෙනවා.
ඉරාකය, පාකිස්තානය, බහරේන්, බංග්ලාදේශය, බුර්කිනා ෆේසෝ, කුවේට්, ඉන්දියාව සහ ඊජිප්තුව සහ තජිකිස්තානය එම ලැයිස්තුවේ ඉදිරියෙන් ඇති අතර කුණු ආසියානු රටවල් තුනක් - පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව ද ඊට ඇතුළත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |