හදිසි රැස්වීමක් කැඳවයි - සියලුම පාසල් දින දෙකකට වැසෙයි.. ඉදිරි සති දෙකත් නරක අතට හැරෙන තීරණාත්මක දෙයක් ගැන අනතුරු ඇඟවීමක්..

Government Of India India
By krishani Nov 04, 2023 01:45 AM GMT
Report

මේ වන විට ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි වායු දූෂණය නරක අතට හැරෙමින් පවතී.

ඒ හේතුවෙන් දිල්ලිහි බලධාරීන් විසින් සියලුම ප්‍රාථමික පාසල් දින දෙකකට වසා දමා තිබෙනවා.

ඒ පළමු වතාවට නගරයේ වාතයේ ගුණාත්මක භාවය දරුණු මට්ටමට පහත වැටී ඇති බැවින් ය.

එය ඉදිරි සති දෙක තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව විද්‍යාඥයෝ සඳහන් කරයි.

දිල්ලි අගනුවර ලෝකයේ වඩාත්ම දූෂිත නගරවලින් එකක් වන අතර අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානා හි පිදුරු ගිනි තැබීම් සිදුවීම් සංඛ්‍යාව වැඩි වන විට නගරයේ වායු දූෂණය නොවැම්බර් 1 සිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ බව දිල්ලි පරිසර දූෂණ පාලන කමිටුව විසින් කරන ලද අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත. 

ඒ අනුව නගරයේ සියලුම රජයේ සහ පෞද්ගලික ප්‍රාථමික පාසල් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වසා තබන බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සඳහන් කළේ ය.

පසුගිය මාසයේ දී දිල්ලි රජය නගරය තුළ රතිඤ්ඤා නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය සඳහා පුළුල් තහනමක් ද පනවනු ලැබීය.

 කෙසේ වෙතත්, මේ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා දිල්ලි පරිසර අමාත්‍යවරයා විසින් හදිසි රැස්වීමක් ද කැඳවා තිබෙනවා.