ගෑස් කුටියක් වුණ දිල්ලිය - උග්‍ර වුණ වායු දූෂණය අවම කරන්න එකවරම තීරණයක්.

Delhi India
By krishani Nov 14, 2023 05:52 PM GMT
Report

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය අවම කිරිමට රජය විසින් කෘත්‍රිම වැසි සෑදීමේ ක්‍රමයක් පිළිබඳව සලකා සිටියි.

ඒ බව ඉන්දියාවේ පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ සමහර විට ෆෙඩරල් අමාත්‍යාංශ ගණනාවක අනුමැතිය ලබා ගැනීම මත සැලැස්මේ ඵලදාව රඳා පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එරට පරිසර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය සිදුවුවහොත් කාලගුණික තත්ත්වයන් අනුව මෙම මස අගදී මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බවයි.

දිල්ලියේ වායු දූෂණය සඳහා විය හැකි විසඳුමක් ලෙස කෘත්‍රිම වැසි යෝජනා කළ පළමු අවස්ථාව මෙය නොවේ.

නමුත් සමහර පරිසර විශේෂඥයින් පවසන්නේ එය සංකීර්ණ, මිල අධික ක්‍රියාකාරකමක් බවයි.

කෙසේ වෙතත්, එමගින් පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ කාර්යක්ෂමතාව සම්පුර්ණයෙන්ම ඔප්පු වී නොමැති අතර එහි දිගුකාලීන පාරිසරික බලපෑම අවබෝධ කර ගැනීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය වන බව ද පරිසර විශේෂඥයින් පෙන්වා දෙයි.