වායු දූෂණය අදත් වැඩි වෙයි - පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලිමක්.. එහි තත්ත්වය.

Sri Lanka
By krishani Dec 10, 2022 06:27 AM GMT
Report

අද (10) කොළඹ නගරයේ වායු දූෂණය යළිත් වරක් ඉහළ ගියා.

කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ දැක්වුණේ කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 152 ක අගයක් ගන්නා බවය.

අද උදෑසන 8 ට නිකුත් කරන ලද නවතම වායු තත්ත්ව දර්ශකයට අනුව, ඊයේ දිනට සාපේක්ෂව ඇතැම් ප්‍රදේශවල පරිසර දූෂණ මට්ටම්වල වැඩිවීම වාර්තා වූයේ මෙලෙසිනී,

කොළඹ 152, බදුල්ල 169, කෑගල්ල 155, කළුතර 146, මහනුවර 126, රත්නපුර 114, කුරුණෑගල 106, ගාල්ල 97 ක අගයක් ගනී.

එළිමහන් ක්‍රියාකාරකම් වලදී මුඛ ආවරණ පැළඳිය යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ශ්වසන සහ හෘද රෝග ඇති ළමුන් සහ වැඩිහිටි පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join