Air China යළි ලංකාවට..
                                    
                    Bandaranaike International Airport 
                
                                                
                    Sri Lanka
                
                                                
                    China
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    Air China ගුවන් සේවය චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එහිදී චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එම ගුවන් ගමන් එළඹෙන ජුලි මස 03 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි කටුනායක ගුවන්තොටුපොළ පවසන්නේ.
ඒ අනුව චීනයේ සිචුආන් සිට ගමන් අරඹන Air China CA 425දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිතය.
  එසේම කටුනායක සිට ගමන් අරඹන Air China CA 426 දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 10.15ට චීනයේ සිචුආන් වෙත ළඟාවීමට නියමිතය.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    