ලංකාවටත් ස්ට්‍රෝබෙරි ගම්මානයක්
නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේය.
මෙම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති අතර රුපියල් කෝටි දෙකක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කර තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් දී ඇති උපදෙස් පරිදි අපනයනය කළ හැකි සෑම පළතුරු හා එළවළු වගාවක් සඳහා ම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවරෙහි අරම්බය ලෙස මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කර තිබේ.
ස්ට්‍රොබෙරි වගාව සඳහා පැල ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කර ඇති අතර එම ස්ට්‍රොබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් බවත් ආරක්ෂිත ගෘහ තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර තිබෙන බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න පවසයි.