පාතාලය සමඟ ඩීල් දැමූ අගලවත්ත OICව පොලිස්පති CIDයට භාර දෙයි.
පාතාල සන්නද්ධ කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වීම, ඔවුන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අගලවත්ත පොලිස් ස්ථානාධිපති හෙට්ටිආරච්චිට එරෙහිව පුළුල් CID විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින රත්මලාන පාතාලයේ අපරාධකරුවකු බව කියන ධර්මසිරි නමැත්තා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි අතර අතර වූ සංවාදයකට අදාළ හඬපටයන් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වන අතර එම හඬපටය ඔස්සේ මෙම නිලධාරියාගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වී ඇති බවයි.
මෙම සංවාදය සිදුවූ 2020 වර්ෂය වනවිට එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය භාර නිලධාරියා ලෙස කටයුතු කරමින් සිට ඇති අතර පාතාල සම්බන්ධතාවන් අනාවරණය වීමෙන් පසු එවකට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි රොහාන් ප්‍රේමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ඔහුට එරෙහිව විමර්ශනයක් භාරදී ඇත.
කෙසේ වෙතත් මෙම නිලධාරියා එවකට පොලිස් දෙපාර්තමේන්තුවේ සිය ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගේ ආධාර උපකාර ඇතිව විශේෂ විමර්ශන ඒකකයේ තිබූ ඔහුට එරෙහි විමර්ශනය යට ගසා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරය ද ලබාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
ඒ, අනුව මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලැබුණු තොරතුරු මත මූලික විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මොහු රත්මලාන පාතාලයේ ධර්මසිරි සහ කුඩු අංජු සමඟ සමීප සම්බන්ධතා පවත්තා ඇති බවයි.
මේ අතර කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සමඟ උරණ වී ඇති පාතාල නායක ධර්මසිරි නමැත්තා මොහුට ඉතාම නින්දිත ආකාරයට පරුෂ වචනයෙන් බැණවදින ආකාරයත්, ඒ අවස්ථාවේ මෙම නිලධාරියා ඉතාම බයාදු ආකාරයට පාතාල මැරයා ඉදිරියේ සමාව යදිමින් ආයාචනා කරන ආකාරයත් මෙම හඬපටයේ ඇති බව සඳහන්.