කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් ඉල්ලා සමාජ මාධ්‍ය විරෝධයක් - ලක්ෂ ගණන් පරිශීලකයන් එකතු වෙයි..

Afghanistan
By krishani Nov 16, 2022 12:56 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ගැහැණු ළමයින්ට ද්විතීයික සහ උසස් පාසල් වහාම විවෘත කරන ලෙසට ඉල්ලා සමාජ මාධ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ඇෆ්ගනිස්ථානයේ ආරම්භ වී ඇත.

ඒ “ඇෆ්ගන් ගැහැණු ළමයින්ට ඉගෙන ගැනීමට ඉඩ දෙන්න” යනුවෙන් ය.

මෙයට ලක්ෂ සංඛ්‍යාත සමාජ ජාලා පරිශිලකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

මේ වන විට‍ ඇෆ්ගනිස්ථානයේ කාන්තා පාසල් වැසීයාම නිසා එරට කුඩා ගැහැණු ළමයින්ට පවා අධ්‍යාපනය ලැබීම නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇත.

ඒ තලේබාන් සංවිධානය රට පාලනය කිරිම ආරම්භ කළ දා සිට කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම එරට දිගින් දිගටම සිදුවෙමින් පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join