සියල්ලන්ගේ ඇස් වහලා ලක් සතොස බදු දෙන්න දැන්වීම් දාලා..සභාපති කියන කතාව..?
තමන්ද නොදැන තම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙනත් තැනකට ගෙන යාමට පුවත්පත් දැන්වීම් පළ කර ඇතැයි ලංකා සතොස සභාපති අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
තමන් ඒ බව දැනගත්තේ සතොස සභාපතිවරයා කළ විමසීමක දී බවද එය සිදුකර තිබෙන්නේ ගොඩනැගිලි අංශයෙන් බවද ඔහු පැවැසීය.
ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ සම්බන්ධයෙන් වෙළඳ අමත්‍යාංශයේ ප්‍රධානීන් හෝ ඇමැතිවරයා හෝ කිසිවෙක් දැනුවත් කර නැත.
ඔහු මේ බව පැවසූවේ ලංකා සතොස ප්‍රධාන කාර්යාලය දැනට පවතින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යන්නේ කුමන හේතුවක් නිසාදැයි කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
මෙවැනි ආයතනයක් වෙනත් ස්ථානයකට ගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දුව ගත යුත්තේ අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව බව ද ඒ සම්බන්ධයෙන් එම ආයතනය අයත් අමත්‍යාංශයේ ඇමතිවරයා හා ලේකම්වරයාත් දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව ද එහෙත් මෙම දැන්වීම පළ කර තිබෙන්නේ එලෙස කිසිදු තීන්දුවක්, අනුමැතියක් ලබාගෙන නැතිව බව ද ලංකා සතොස අධ්‍යක්ෂවරයෙක් පැවසීය.
ලංකා සතොස ප්‍රධාන කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන්නේ සතොසට අයත් වොක්ෂෝල් වීදියේ පිහිටි ගොඩනැගිල්ලකය. ඒ සඳහා ඔවුන් මාසිකව රුපියල් ලක්ෂ තිස්අටක් කුලී ලෙස සතොසට ගෙවන බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට කෝටි තුනකට අධික මුදලක් හිඟ කුලී ලෙස ලංකා සතොස, සතොසට ගෙවිය යුතුව ඇතැයි ද දැන ගන්නට තිබේ. මෙම දැන්වීම පළ කර තිබෙන්නේ සතොසට ගෙවන කුලිය අඩු කරගැනීම සඳහා බලපෑමක් කිරීමේ අරමුණෙන් බව ද එය සිදුකර තිබෙන්නේ ලංකා සතොසේ සේවයෙන් ඉවත්ව ගිය එහි ප්‍රධානියකුගේ අවශ්‍යතාව මත ගොඩනැගිලි අංශයෙන් බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |