මරණිය කෝලා - තව බීපල්ලා (VIDEO)

Cancer Headache Heart Failure Healthy Food Recipes Heart Attack
By Wayomi May 11, 2023 01:04 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කොකා-කෝලා කියන්නේ ලොව ජනප්‍රිය පාන වර්ගයක්නේ. මේවා මෙය ලොව පුරා වෙළඳපොල තුළ අලෙවි කරනු ලබන අතර මේවායේ මව් සමාගම් එනම් නිපදවන සමාගම් පිහිටා ඇත්තේ,ජෝජියා, ඇට්ලන්ට හි.

කෝලා වල සෞඛ්‍ය ගැටළු

⚠️ කොකා කෝලා සහ පෙප්සි වැනි සිසිල් බීම වල ෆොස්ෆරික් අම්ලය (phosphoric acid) අඩංගු අතර, ඒවායේ සාමාන්‍ය PH අගය 3.4 කි.

⚠️ මෙම ආම්ලිකතාවය අස්ථි හා දත් දිරායාමට ප‍්‍රමාණවත් වන අතර, කොකා කෝලා හෝ පෙප්සි ස්වල්පයක බහා තබන දතක් හෝ අස්ථි කැබැල්ලක් දින 10 ක් තුළ සම්පූර්ණයෙන්ම දිය වී යයි.

⚠️ සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 දී පමණ මිනිස් ශරීරයේ අස්ථි වර්ධනය නතර වේ. එයින් පසුව අප ගන්නා ආහාරවල ආම්ලිකතාවය අනුව අස්ථි වලින් 8% – 18% ත් අතර ප‍්‍රමාණයක් සෑම අවුරුද්දකම දිය වී යයි.

⚠️ මෙසේ දියවන කැල්සියම් සම්මිශ‍්‍රක ධමනි, ශිරා, සමේ පටක හා අවයව මත එකතු වේ. මෙම තත්ත්වය වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය කෙරෙහි බලපායි (උදා: වකුගඩු ගල්). එසේම මේ තත්ත්වය තුළ කොකා කෝලා හා පෙප්සි කෝලා පානය ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි දියවීමේ රෝග වර්ධනය කිරීමට විශාල දායකත්වයක් සපයයි.

⚠️ කොකෝ කෝලා වල එතිලයින් ග්ලයිකෝල් (ethylene glycol) ද සුළු ප‍්‍රමාණයක් අඩංගු අතර, ඒවා සිසිල් බීම අධි ශීත කිරීම සඳහා යොදා ගනියි. මෙම රසායන ද්‍රව්‍ය බිංදු කීපයක් එක් කිරීමෙන් යම් ද්‍රාවණයක් සෙල්සියස් අංශක 0 දී පවා මීදීමට ලක් නොවී පවත්වා ගත හැක.

⚠️ එතිලයින් ග්ලයිකෝල් ආසනික් මාත‍්‍රාවේ ක‍්‍රමයෙන් විස වන රසායනිකයක් ලෙස හඳුන්වනු ලබන අතර, මේ නිසා ඔබ පැයක් තුළ කොකා කෝලා ලීටර් 4 ක් පානය කළහොත් අනිවාර්යයෙන්ම මරණයට පත් වනු ඇත.

⚠️ ”කොකා කෝලා වැඩියෙන්ම බොන තැනැත්තා” තේරීමේ තරගාවලියක් දිල්ලි සරසවියේ පැවැත්විණි. ජයග‍්‍රාහකයා බෝතල් අටක් පානය කළ සැනින් සිහිසුන් වූයේ රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය වැඩි වීමෙනි. එතැන් පටන් එහි ආපන ශාලාවේ සිසිල් බීම වර්ග කිසිවක් විකිණීම තහනම් කරන ලදී.


කෝලා ලෝකයේ දූෂිතම පානයයි

මේ වන විට ලොව පවතින ප්‍රසිද්ධ සිසිල් බීම අතරින් දුෂිතම සිසිල් බීම ලෙස කොකා කෝලා හඳුන්වනවා. ඊට හේතු බොහොමයකි.

❌ 1998 දී ඇමරිකානු දරුවන් සෝඩා සහ සීනි සහිත පානයන්ට හුරු කරවීම නිසාත්, කුඩා ළමුන් අතර කොකා කෝලා ජනප‍්‍රිය කරවීම සඳහා කාටූන් වැඩසටහන් යොදා ගැනීම නිසාත්, කර්මාන්ත ශාලා භූමියේ කළු ජාතික සේවකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් නොසලකා හැරීම නිසාත් 2001 වසරේ ලොව අපකීර්තිමත්ම බහු ජාතික සමාගමක් ලෙස කොකා කෝලා සමාගම නම් කරන ලදී.

❌ ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් ඉන්දියාවට ගෙන ඒම සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ විරෝධතා නොසලකා බුරුමයේ ඒකාධිපති මිලිටරි ජුන්ටාව සමඟ ගනුදෙනු කිරීම නිසා 1994 දී පෙප්සි කෝලා සමාගම ද ලොව අපකීර්තිමත්ම සමාගමක් ලෙස නම් කර ඇත.

❌ ඉන්දියාවේ විද්‍යා හා පරිසර මධ්‍යස්ථානය (Centre for Science and Environment – CSE) විසින් 2003 අපේ‍්‍රල් මාසයේ දී සිදු කරන ලද පර්යේෂණයක් මගින් ඉන්දියාවේ අලෙවි කරනු ලබන කොකා කෝලා, පෙප්සි කෝලා සහ අනෙකුත් ප‍්‍රසිද්ධ වෙළෙඳ නාම යටතේ ඇති සිසිල් බීම වර්ග බොහෝමයක ශරීරයට අහිතකර මට්ටමින් කෘමිනාශක අඩංගු බව හඳුනාගෙන ඇත. ඉන්දියාවේ අලෙවි කරනු ලබන බීම වර්ග 12 ක් යොදා ගෙන කරන ලද මෙම පර්යේෂණය මගින් මේ සෑම බීම වර්ගයකම ඉතාම විෂ සහිත ලින්ඬේන්(Lindane), ඞී.ඞී.ටී.(DDT), මැලතියන් (Malathion) සහ ක්ලොපිරිෆෝස් (Chlorphrifos) අඩංගු බව සහතික කර ඇත.

❌ ඉහත සොයා ගැනීම් මත පදනම් වෙමින් 2004 දෙසැම්බර් මාසයේ දී ඉන්දියානු අධිකරණය මගින් ඉන්දියාව තුළ විකුණන කොකා කෝලා හා පෙප්සි කෝලා තුළ ශරීරයට අහිතකර කෘමිනාශක අඩංගු විය හැකි බව බෝතල් ලේබල්වල සඳහන් කිරීමට එම සමාගම් වලට නියෝග කරන ලදී. කෙසේ වෙතත් මේ බව දැනගත් ඉන්දියානු ගොවීන් මිල අධික කෘමිනාශක වෙනුවට සිය වගාවන් සඳහා කොකා කෝලා සහ පෙප්සි කෝලා සාර්ථක අන්දමින් යොදා ගැනීමට පෙළඹී සිටින බව ඉන්දියානු පුවත් සේවයක් වාර්තා කර තිබෙනවා

❌ යුරෝපා ආර්ථික කොමිසම (Europe Economic Commission – EEC) විසින් අනුමත කර ඇති පරිදි ආහාර හා බීම වර්ග සඳහා යොදා ගන්නා ජලයේ අඩංගු විය හැකි උපරිම කෘමිනාශක ප‍්‍රමාණය ලීටරයට මිලි ග‍්‍රෑම් 0.0005 කි.

❌ නමුත් ඉහත සඳහන් බීම වර්ගවල මේ අගය මීට වඩා බෙහෙවින් ඉහළ බව CSE ආයතනය ප‍්‍රකාශ කරයි. මෙම බීමවල ක්ලොපිරිෆෝස් ප‍්‍රමාණය යුරෝපා කොමිසමේ නිර්දේශිත අගය මෙන් 42 ගුණයක් වන අතර, මැලතියන් ප‍්‍රමාණය 87 ගුණයකින් ද, ඇමරිකා එක්සත් ජනපදයේ නිර්දේශ කර ඇති ලින්ඬේන් ප‍්‍රමාණය මෙන් 21 ගුණයකින් ද වැඩි ය.

❌ මෙම විෂ වර්ග දිගු කාලීන පිළිකා, ස්නායු හානි, වඳ භාවය හා අස්වාභාවික දරු උපත් වලට ද හේතු විය හැක.


කොකා කෝලා සතු සුපිරි හැකියාවන්ගෙන් කිහිපයක්.

🟣 වැසිකිළි පිරිසිදු කිරීමට – කොකා කෝලා කෑන් එකක් වැසිකිළි වළට හිස්කර පැයක් පමණ තිබෙන්නට හැර වතුර ගසා සෝදා හරින්න. කොකා කෝලාවල ඇති සිට්රික් අම්ලය දුර්වර්ණ පැල්ලම් ඉතා හොඳින් ඉවත් කරයි.

🟣 මළකඩ ඉවත් කිරීමට – ක්‍රෝමියම් කාර් බම්පර්වල මළකඩ පැල්ලම් ඉවත් කිරීමට කොකා කෝලාවල පොඟවා ගත් ඇලූමිනියම් කඩදාසි කැබැල්ලක් මගින් බම්පරය පිසදමන්න.

🟣 තද වූ බෝල්ට් ඇණ බුරුල් කිරීමට – කොකා කෝලා පොඟවනු ලැබූ රෙදි කැබැල්ලක් තද වූ බෝල්ට් ඇණය මත ඔතා මිනිත්තු කීපයක් තබන්න.

🟣 කාර් බැටරි අග‍්‍ර පිරිසිදු කිරීමට – කොකා කෝලා ස්වල්පයක් බැටරි අග‍්‍ර මතට වැක්කිරීමෙන් බුබුළු දමමින් බැටරි අග‍්‍ර පිරිසිදු වේ.

🟣 රෙදිවලින් ග‍්‍රීස් පැල්ලම් ඉවත් කිරීමට – කොකා කෝලා කෑන් එකක් ග‍්‍රීස් සහිත ඇඳුම් වලට හලා පවිත‍්‍රකාරක ද එක් කොට පුරුදු පරිදි සෝදන්න. කොකා කෝලා ග‍්‍රීස් පැල්ලම් බුරුල් කර ඉවත් කිරීමට සෝදන කුඩු වලට උපකාරී වනු ඇත.

🟣 ලේ පැල්ලම් ඉවත් කිරීමට – ඇමරිකාවේ රථවාහන පොලිස් නිළධාරීන් කොකා කෝලා ගැලූම් 2 ක් නිරතුරුව සිය වාහනයේ තබාගෙන සිටින්නේ අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වලින් පසුව මාහා මාර්ගයේ ඇති ලේ පැල්ලම් ඉවත් කිරීම සඳහා ය.

🟣 සාන්ද්‍ර කොකා කෝලා දියර ප‍්‍රවාහනයේදී අධි පිළිස්සුම් ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා නිකුත්කරන ”අනතුරුදායක ද්‍රව්‍ය” යන පුවරුව ට‍්‍රක් රථයේ ඉදිරිපස ප‍්‍රදර්ශනය කළ යුතු ය. එහෙත් කෝලා වලට විකිණෙන නළු නිලියන්ගේ, ගායක ගායිකාවන්ගේ සහ ක‍්‍රීඩකයින්ගේ බහට රැවටී අපි තවමත් මේවා සිසිල් බීම ලෙස පානය කරමින් සිටිමු.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW