අද දවසේ රාශි 12 සුබ අසුබ පෙර නිමිති.

Astrology
By Wayomi Sep 29, 2022 10:30 PM GMT
Report

අද දිනයේ ඔබේ ලග්නයට අනුව සුබ අසුබ පෙර නිමිති මෙන්න.


මේෂ

🟢මේෂ ලග්න හිමි ඔබ අද ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්. එමඟින් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. රැකියාවේදී ඔබ අතින් අතපසුවීම් වැනි පොඩි පොඩි වැරදි සිදුවිය හැකියි. ඒ නිසා පරිස්සමෙන් ඉන්න ඕන. ආදරණියන් පවුලේ අය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. එමෙන්ම ඔබගේ වගකීම් වැඩි වීම නිසා වියදම් වැඩි විය හැකියි.


වෘෂභ

🟢අද දවස ඔබේ සාර්ථක වර්ධනයක් දැකගත හැකියි. ඔබගේ කැපවීම මත අද දිනය සාර්ථක කරගත හැකියි. ඔබගේ ඉලක්ක සකස් කර ගැනීමට උත්සාහ කරන්න. අද දවසේ ගමන් බිමන් වැඩිවෙයි. එය ඔබට ප්‍රයෝජනවත් විඔය හැකියි. සබඳතා තුළ සතුට ඇතිවෙයි. මුදල් අතින් යහපත් වනු ඇති.


මිථුන

🟢 අද දවසේ ඔබේ එකිනෙකා අතර සුහදත්වය වැඩි වනු ඇති. අධ්‍යාත්මික ගීත සහ දේශනවලට සවන් දීමට ඔබ වැඩි උනන්දුවක් දක්වනු ඇත. එමඟින් ඔබට මානසික නිදහස ලැබේවි. රැකියා ස්ථානයේ ඔබේ දක්‍ෂතාවයෙන් ජයග්‍රහණය ලැබේ. ආදරණියන් සමඟ අවබෝධයෙන් කටයුතු කරයි. අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි තරමට මුදල් ලැබෙයි.


කටක

🟢 අද දවසේ ඔබ ආධ්‍යාත්මික ක්‍රියාකාරකම්වල වැඩිපුර යෙදෙනු ඇත, එවිට ඔබට සන්සුන් මනසක් හා සතුටක් දැනෙනු ඇත. ඔබ කාර්යාලයේ අයත් සමඟ සුහදව කටයුතු කරයි. සම්බන්ධතා පවත්වාගැනීමේදී හොඳ අවබෝධයක් තිබීම වැදගත්. මුදල් ලැබීම් අතින් එතරම් යහපත් නැත.


සිංහ

🟢 අද දවස ඔබ බලාපොරොත්තු වූ ඉටුවන දිනයකි. ඒ නිසා ඔබේ මනස සන්සුන්ව තබා ගත යුතුයි. ගමන් බිමන් වලදී තරමක් අවධානය යොමු කළ යුතුයි. කාර්යාලයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි හොඳින් සිදු කළ හැකියි. ආදරණිය සමඟ සතුටින් කාලය ගත කරයි. මුදල් ලැබීම් අතින් එතරම් යහපත් නැහැ.


කන්‍යා

🟢අද ඔබේ හොඳම දවස වනු ඇති. නව රැකියා අවස්ථා ලැබේ. කාර්යයන් දක්ෂ ලෙස ඉටු කරන්න. ආදරණියන් සමඟ සතුටින් කාලය ගත කරයි. මූල්‍ය කටයුතු දියුණු වෙයි.


තුලා

🟢 අද දවස ඔබට විශිෂ්ට දිනයක් නොවනු ඇත. රාජකාරි වැඩ වලදී උද්‍යෝගය අඩු වේ. වැඩි වැඩ නිසා අද ඔබ නොසාන්සුන්කාරී බවක් පෙන්වයි. සම්බන්ධ තුළ ගැටළු ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. මේ නිසා ඔබේ මානසික සෞඛ්‍යද යහපත් නොවනු ඇති. මුදල් ලැබීම් අතින් යහපත් නැත.


වෘශ්චික

🟢 අද දවසේ ඔබේ වැඩකටයුතු අවංක විය යුතුයි. එසේ නම් ඔබට එරෙහිව ඇති අවස්ථාවන් ගැන, එනම් විරුද්ධවාදීන්ගෙන් සහ වංක පුද්ගලයන්ගෙන් පරිස්සම් වෙන්න. සේවකයින්ගේ සහයෝගය නොලැබේ. සම්න්ධතා තුළ මත ගැටුම් ඇති විය හැකි අතර ඉවසීමෙන් කටයුතු කරන්න. මුදල් අතින් එතරම් යහපත් නැත.


ධනු

🟢 ධනු ලග්න හිමියන්ට අද දිනයේ ඔබට යහපත් ප්‍රතිඵල අත් නොවනු ඇත.ආධ්‍යාත්මික අරමුණු ඇතිව ගමන් බිමන් යෙදේ. ඔබ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙනු ඇත. කාර්යාලයේ අමතර වගකීම් දැරීමට සිදු විය හැකියි. සම්බන්ධතා තුළ මත ගැටුම් ඇතිවිය හැකියි. මූල්‍යම වශයෙන් සුබ නැත. මුදල් පරිහරණය කරන්න.


මකර

🟢 මකර ලග්න හිමියන්ට අද දවසේ තෘප්තිය ලැබේවි. එමෙන්ම කාර්යාලය තුළ ඔබට විශ්වාසදායක බවක් දැනෙනු ඇති. ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශංසා ලැබේ. පවුල තුළ සතුට වැඩි වේ. ඔබ ප්‍රයෝජනවත් ලෙස ඉතිරි කිරීමට පටන් ගනීවි.


කුම්භ

🟢 අද දවස ඔබට උද්යෝගිමත් දවසක් වනු ඇත. ඔබ උනන්දුව, කැමැත්ත, මත ජයග්‍රහණ ලබාගනී . කාර්යාලයේ රැකියා වර්ධනය වනු ඇත. නව රැකියා අවස්ථා ලැබේ. පවුල තුළ සතුට වැඩි වේ. ඔබ ප්‍රයෝජනවත් ලෙස ඉතිරි කිරීමට පටන් ගනීවි.


මීන

🟢 අද දවසේ ඔබේ වැඩකටයුතු ආරම්භයට සැලසුමක් සහ විනයක් අවශ්‍යයි. කාර්යාලයේ ඔබගේ කාර්යයන් සිදු කිරීමේදී අවධානය යොමු කිරීම වැදගත්. එවිට තමාට දක්ෂ ලෙස වැඩ කළ හැකියි. සම්බන්ධතා තුළ වචන පරිස්සමෙන් කතා කරන්න සහ ඉවසීමෙන් කටයුතු කරන්න. මුදල් පරිස්සමෙන් පරිහරණය කරන්න.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW