සමාජ මාධ්‍ය කළඹමින් නාට්‍යයක ඇද වැටෙන දර්ශන රඟපෑ නළුවාට සිදු වූ ඉරණම මෙන්න.(VIDEO)
හදිසි හෘදයාබාධයක් වැළඳී ඇද වැටෙන දර්ශනයක් රඟපාමින් සිටි නළුවෙක් එම දර්ශනයේදී ම ඇද වැටී මිය යෑමේ පුවතක් ගලේවෙල, කොස්ගහහින්න ප්‍රදේශයෙන් වාර්තා වේ.
ප්‍රදේශයේ තරුණ පිරිස් එක්කරගෙන මාස කිහිපයක් තිස්සේ නාට්‍යයක් පුහුණු කර රඟ දක්වන අවස්ථාවේ මෙම කනගාටුදායක ඉරණමට මුහුණ දී ඇත්තේ ඒ.ජී. ප්‍රේමසිරි (54) නමැති තිදරු පියෙකි.
නාට්‍යයේදී රාජ උදහසට ලක්වන පියෙකු සහ දියණියක චරිතයක් රඟපාමින් සිටියදී රාජ උදහසට ලක්වන වයෝවෘද්ධ පියකු දියණිය සමග ඇති වන කතා බහකදී ඔහු හදිසියේ රෝගාබාධයට ලක්වන රූප පෙළ රඟපාමින් සිට තිබේ.
මෙම රඟපෑම සඳහා දෙබස් කථනය වෙනම ම අංශයකින් ලබා දී තිබුණු අතර රඟපෑම් කරන දෙදෙනා අංග චලනයෙන් රඟපෑම සිදු කොට තිබේ.
දියණිය ඉදිරියේ වයෝවෘද්ධ පියා එක වර ම ඇද වැටෙන්නේ දෙබස් කථනයත් සමග ය. එහිදී නාට්‍ය නරඹමින් සිටි බොහෝ දෙනා ඒ දෙස බලා සිටියේ නාට්‍යයේ ම කොටසක් ලෙස නළුවා ඇද වැටෙන්නට ඇති බව ය.
කෙසේ වෙතත් මඳ වේලාවක් ගත වෙද්දී, එමෙන් ම නාට්‍යයේ ඇද වැටෙන දර්ශනය පසුව ක්‍රියාත්මක වන නිසා රංගනයේ යෙදුණු දියණිය වහා ම අවධානය යොමු කරද්දී ඔහු සත්‍ය වශයෙන් ම යම් කිසි රෝගාබාධයකට ලක්ව ඇති බව හඳුනා ගෙන අවට සිටි පිරිස ඔහු රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබිණි.
රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මෙම ගම්මානයේ සිය ලුදෙනා එක්ව නාට්‍ය කණ්ඩායම පුරුදු පුහුණු කොට ඇත්තේ ද මියගිය ප්‍රේමසිරි නමැති අය විසිනි.
නාට්‍ය පුරුදු කොට පළමු වන දින නාට්‍ය සන්දර්ශන පෙන්වා දෙවන දිනයේදී මෙම ඛේදවාචකය සිදු වූ බව ඔවුහු පවසති.
මියගිය ප්‍රේමසිරිගේ දේහය මේ වන විට ගලේවෙල, කොස්ගහහින්න ප්‍රදේශයේ නිවසේ තැන්පත් කොට ඇති අතර දරුවන් තිදෙනා සහ බිරිය ආර්.එම්. ස්වර්ණලතා යන අය හඬා වැටෙමින් කියා සිටියේ වසර ගණනාවක සිට මෙම පුද්ගලයා නාට්‍යවල රඟපෑ බව ය.
තමන්ගේ ම, දරු පිරිසක් යොමු කරගෙන අලුත් නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීම සිදු කළ බවත් තම සැමියා එම ස්ථානයේ ඇද වැටෙන අවස්ථාවේ තමන් ද ඇසින් දුටු බව ඇය සඳහන් කළා ය.
දියණියට රඟපෑ ආර්.ඩී. නිකේෂලා මෙනෙවිය කියා සිටියේ, නාට්‍ය පිටපතේ ඇත්තේ තාත්තා තවත් විනාඩි 5කට පමණ ප්‍රමාදයකින් රාජ පුරුෂයන්ගේ පහර දීමකට ලක්ව ඇද වැටීමේ ජවනිකාවක් බව ය.
එහෙත් ඊට අමතරව තමන්ගේ දියණිය රාජ උදහසට ලක්ව ඇති බව ප්‍රකාශ කරමින් ඔහු ඇද වැටුණ නිසා තමන් ද සිතා සිටියේ මෙය රඟපෑමේ සිද්ධියක් බව ය.
කෙසේ වෙතත් ඇය දැඩි සිත් වේදනාවෙන් කියා සිටියේ තමන්ගේ කුළුඳුල් නාට්‍ය ගුරුවරයා වූ ප්‍රේමසිරි මහතා හදිසියේ මිය ගිය බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |