ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා සතියක් පුරාවට අතුරුදන්.- CIDය තවමත් සොයයි.
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය 27 වනදා රාත්‍රී බොරලැස්ගමුව පිහිටා ඇති දමිතා අබේරත්නගේ නිවසට ගොස් තිබුනා.
ඒ වනවිත් ඔවුන් දෙදෙනා නිවසින් පිටව ගොස් තිබූ බවත්, දමිතා ගේ මව පමණක් එහි සිටි බවත් සඳහන්.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවටයි, මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් දමිතා අබේරත්න අපේක්ෂිත ඇප අයදුම් පතක් ද ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
අනතුරුව පසුදින දහවල් තෙක් නිවස ආසන්නයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැඳි සිටි බවටත් ආරංචි මාර්ග සඳහන් කරනවා.