ජනප්‍රිය නළුවෙකු නීති විරෝධී වැඩක් කරන්න ගිහින් මාට්ටු වුණු හැටි මෙන්න..
ගමන් මලුවලින් හමුවූ භාණ්ඩ මෙන්න ඉතාමත් මිල අධික අත්ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම එක් අත්ඔරලෝසුවක වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් පමණ වන බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ශාරුක් පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇති අතර, ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවාගෙන තිබේ.
අනතුරුව ශාරුක් ඛාන් ඉන්දීය රුපියල් හය ලක්ෂ අසූ තුන්දහසක දඩයක් අයකර ගැනීමෙන් පසුව මුදා හැර ඇත.
ආරක්ෂක නිලධාරියා ඇතුළුව ෂාරුක් ඛාන් සමග පැමිණි තවත් කිහිපදෙනෙකු පැය ගණනාවක් ගුවන් තොටුපොළේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |