සුරූපී රංගන ශිල්පිනිය අකිලා හමුදාවට එක් වෙයි..(PHOTOS)

India Actress American army Kadampari Akila
By Sewvandhi Mar 02, 2022 10:22 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

සුරූපී රංගන ශිල්පිනියක් අමෙරිකා සන්නද්ධ හමුදාවට එක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස අමෙරිකානු හමුදාවට එක්වීමට තීරණය කර ඇත්තේ දමිල චිත්‍රපට රංගන ශිල්පිණියක් වන අකිලා නාරායානන් බවය.

අමෙරිකානු හමුදාවේ නීති උපදේශකවරියක් ලෙස ඇය මෙලෙස සේවයට එක්ව තිබේ.

ජනප්‍රිය චිත්‍රපටයක් වූ 'Kadampari' හරහා ඇය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

මෙලෙස නීති උපදේශකවරියක් ලෙස ඇය ඇමෙරිකානු හමුදාවට එක්වුවද ඇයට මාස කිහිපයක් සටන් පුහුණුවක් ලැබීමට ද සිදුව ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකාවේ පදිංචිව සිටින ඇය එරට සංගීත පාසලක් ද පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery