වත්මන් ආණ්ඩුවට එරෙහි පැමිණිලි විමර්ශන ගැන විමසීමට සිවිල් ක්රියාකාරීහු අල්ලස් කොමිසමට
වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලිවල විමර්ශන ප්රමාද වීම පිළිබඳව කරුණු විමසීමට සිවිල් ක්රියාකාරීන් පිරිසක් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
එහිදී එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුරට අදාළ වන්දි මුදල් රටට අහිමි වීම, ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ක්රියාත්මක නොකිරීම සහ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් මතු වී ඇති චෝදනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව කොමිසම දැනුවත් කරමින් ලිපියක් ද භාර දී ඇත.
පසුගිය කාලයේ සිදු වූ බව කියන වංචා හා අක්රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලිවලට අදාළ විමර්ශන ප්රමාද වීම සහ අවශ්ය පරීක්ෂණ සිදු නොකිරීම පිළිබඳව කරුණු විමසීම මෙම පැමිණීමේ අරමුණ බව සිවිල් ක්රියාකාරීහු සඳහන් කළහ.
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු එක්ව සිටි මෙම පිරිස, කොමිසමට ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්ය වෙත ද අදහස් පළ කළහ.