ලොව විශාලතම ගිනිකන්ද වසර 40ට පස්සේ පුපුරයි..

By krishani Nov 29, 2022 04:12 AM GMT
Report

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි පිහිටි මාවුනා ලෝවා "Mauna Loa" ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇත්තේ.

ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇත. අළුවැටීමේ අවදානමක් ඇති බවද ගිනිකන්දේ තත්ත්වය ඉතා අවධානම් තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පැවසුවේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join