විවාහ උත්සවයට සූදානම් වූ තරුණියට නිවසේදීම ඇසිඩ් ප්‍රහාරයක්

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 27, 2023 08:13 AM GMT
Report

අද (27) වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ තම විවාහ උත්සවයකට සුදානම් වෙමින් සිටි මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත.

අද අලුයම 03ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවයි වැලිගම පොලීසිය පැවසුවේ.බරපතළ තුවාල ලබූ තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

මෙලෙස ප්‍රහාරයට ලක්වූ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබේ.

පොලීසිය පැවසුවේ, එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇති බවය.

අපරාධකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කඩිනමින් පියවර ගන්නා බව වැලිගම පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now