බිහිසුණු මාරක රිය අනතුරක්..

By Sithumi Apr 10, 2022 11:18 AM GMT
Report

ඉංගිරිය - මෙනේරිගම ප්‍රදේශයේ ඉදිකටුව මං සන්ධියේ සපත්තු පාලමක් මතින් ගමන් කිරීමට උත්සාහ ගත් ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසුව මාවක්ඔයේ අතු ගංඟාවකට පෙරළීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අළුයම (10) 12.30ට පමණ තවත් දෙදෙනෙකු සමග අදාළ ත්‍රිරෝද රථ රියදුරු කුලී ගමනක් පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (09) උදෑසන සිට එම ප්‍රදේශයට පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාවක්ඔයේ අදාළ අතු ගංඟාව පිටාර ගලමින් තිබී ඇති අතර කුලී ගමනට එක්වූ මගීන් දෙදෙනා පාලමෙන් එතෙර විය නොහැකි බව පවසා ත්‍රිරෝද රථයෙන් බැස තිබෙනවා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ රියදුරු ඔවුන්ගේ අනතුරු ඇගවීම නොතකා සපත්තු පාලම මතින් ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථය සැඬ පහරකට හසුව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.