අනතුරකින් පසු ජීවිතය බේරා ගැනීමට නම් ඔබ සැලකිලිමත් වියයුතුම දේ..

Sri Lanka Police Sri Lanka Accident
By Sewvandhi May 24, 2023 06:17 PM GMT
Report

කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අබයජීව මහතා ප්‍රකාශ කරන්නේ, රථවාහනවලට වඩා යතුරුපැදිවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම,ඔහු පෙන්වාදෙන්නේ ජල තටාකවල පහළට හිස තබා පැනීම හේතුවෙන් සුෂුම්නාවට හානි සිදු විය හැකි බවයි.

එලෙස අනතුරට ලක්වන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාම සම්බන්ධයෙන් සමාජයට ප්‍රමාණවත් දැනුමක් නොමැති බව කීර්ති අබයජීව මහතා සඳහන් කළා.

කොන්දට සිදුවන අනතුරුවලින් පසු ත්‍රීරෝද රථවලින් ගෙන ඒමෙන් සුව කර ගත නොහැකි තත්ත්වයට සහ මරණයට පත්වන අවස්ථා ඉහළ ගොස් ඇති අතර අනතුරක් සිදු වීමෙන් පසු රෝහලට රැගෙන ඒමේදී ආරක්ෂිතව ගෙන ඒමට පහසුකම් සැලසිය යුතු බවයි කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අබයජීව මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now