රිය අනතුරු.. ගැන නවතම දත්තවලින් අනාවරණය වූ භයානක හෙළිදරව්ව..

Accident Highways In Sri Lanka
By Sithumini Aug 21, 2024 07:58 AM GMT
Report


මාර්ග නීති පිළිබදව කොතෙක් දැනුම්වත් කළද රිය අනතුරු නම් තවමත් අඩුවක් නැහැ. වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව තිබෙනවා.

වාර්ෂිකව යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 1,000ක් පමණ මියයන බව එහිදි වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබදව අදහස් දැක්වූ රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ 3,000කට අධික ප්‍රමාණයක් අනතුරු සිදුවන්නේ, පාරේ දී සිදුවන අනතුරු නිසා බව වසරකට ඒ අනතුරුවලින් තුනෙන් එකක් ජීවිතක්ෂයට පත්වෙන්නේ යතුරුපැදිවලින් සිදුවන අනතුරු නිසා බවයි.

එමෙන්ම 2023 වසරේ දී මාර්ග අනතුරු අඩුවීමක් දක්නට ලැබුණු බවත් 2,214න් 2,321 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, 2024 ජනවාරි 1 වනදා සිට 2024 අගෝස්තු 10 වෙද්දි මාරක රිය අනතුරු 1,352න් 1,417ක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙන බවයි.

එමෙන්ම භයානකම කාරණය නම් මාර්ග අනතුරු වලින් පාසල් සිසුන් 328 දෙනෙකුද මියගොස් ඇති බවයි. කළ යුත්තේ කුමක්ද? නිරන්තරයෙන් අවදානයෙන් මාර්ග නීති පිළිබදව දැඩි අවදානයෙන් මෙන්ම හැකිතාක් දුරට වේගය අවම කරගැනීම වෑදගත් වෙනවා.