පන්සලේ තැඹිලි කඩන්න ගිය තරුණයාට ගස උඩ දී සිහි නැති වෙයි..අවසානයේ සිදුවූ දේ මෙන්න.(PHOTOS)
තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමගින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමග එක්ව කල මෙහෙයුමකදී බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය .
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකි.
දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැපීම සඳහා ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කල මන්නා පහරක් වම් පාදයකට වැදී ඇතිවූ අධික රුධිර වහනය සමගින් ඔහු සිහිමුර්ජා වී ගස උඩ සිරවී ඇත.
කළුතර නගර සභාවට සිද්ධිය සැලවීමත් සමගින් නගරාධිපති අමීර් නසීර් මහතා ගේ උපදෙස් පරිදි , ස්ථාන භාර ගිනි නිළධාරී ටී.ඒ.යූ.එස්. කුරේ ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි රථයක් සමග ස්ථානයට පිටත්කර යවා ඇත.
ඒ වනවිටත් 1990 ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කර තිබූ අතර , ඉක්මනින් තුවාලකරු නාගොඩ මහ රෝහලට රැගෙනයන ලදී .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


