ප්‍රධාන විද්‍යාලයක් අසල රිය අනතුරක්..මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්.

Accident Sri Lanka High level road traffic
By Aruna Feb 22, 2022 05:10 AM GMT
Report

මහරගම ගුරු විද්‍යාලය අසල දී රිය අනතුරක් සිදුව තිබෙනවා.

අද (22) පෙරවරුවේ සිදු වූ රිය අනතුර හේතුවෙන් මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවට ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා තලංගම තෙත්බිම් හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම තාවකාලිකව වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (21) නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව නිසි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් නොකර තෙත්බිම් ආශ්‍රිතව කිසිඳු ආකාරයක ඉදිකිරීම්වල නිරතවීම අභියාචනාධිකරණයෙන් තහනම් කර තිබෙනවා.

එහි දී අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා විකල්ප ස්ථානයක් සොයා බලා 2022 මාර්තු 31 දිනට හෝ ඊට පෙර වාර්තාවක් මගින් අධිකරණයට වාර්තා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණය නියෝග කළා.

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගය ඉදිකිරීමට පරිසර අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.සුවන්දරත්න මහතා ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් මෙම නියෝග කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, මහාමාර්ග අමාත්‍ය, නීතිපති ඇතුළු 11 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now