අයිය මියගොස් දින 14කට පසු නංගිත් මරුවා රැගෙන ගිය සංවේදී සිදුවීම..(PHOTOS)

Sri Lanka Accident
By Aruna Aug 29, 2022 04:10 AM GMT
Report

සොයුරා මියගොස් දින 14ට පංසලට දානය රැගෙන යමින් සිටි පාසල් දැරියක් වන අලි ප්‍රහාරයකින් මියයයි මිණිපේ, හසලක, ගඟේ යාය, 05 ඇළ ප්‍රදේශයේ ඊයේ (28දා) උදෑසන වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවියක් මියගොස් ඇති බවට හසලක පොලිසිය පවසයි.

අයියා වෙනුවෙන් දානය අරන් පන්සලට ගිය නංගී නිමේෂයකින් මෙලොව හැරයයි මෙසේ මියගොස් ඇත්තේ හසලක ගඟේ යාය, 05 ඇළ ප්‍රදේශයේ පදිංචි පී. කේ. ජී. අනුත්තරා ඉඳුනිල් යන වයස 16ක් වු පාසල් සිසුවියයි.

ඇය හසලක කිණපැලැස්ස බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබ ඇති අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අද (29දා) දින ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මුහුණ සූදානම්ව සිටි දැරියකි.

මියගිය දැරියගේ එකම වැඩිමහල් සහෝදරයා මීට දින 14කට ඉහතදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

සහෝදරයා මියගොස් දින 14ක් පිරීම නිමිත්තෙන් විහාරස්ථානයට උදෑසන දානය රැගෙන යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව අවාසනාවන්ත ලෙස පවුලේ ඉතුරු වී සිටි එකම දරුවාද දෙමාපියනට අහිමි විය.

මව පියා සහ මියගිය ශිෂ්‍යාව ගමේ විහාරස්ථානයට දානය රැගෙන යන අතරතුරදී මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු විය.

සිද්ධිය සිදු වූ ස්ථානයේ පන්සලට රැගෙනයමින් තිබූ දානය පසෙකට විසි වී තිබෙනු දක්නට ඇත.

මව සහ පියා ඉදිරිපිටදීම වන අලියා දැරියට පහර දෙද්දී, ඔවුනට කර කියා ගත දෙයක් නොවීය.

ප්‍රහාරයට ලක්වූ දැරිය ප්‍රදේශවාසීන් එක්ව හසලක ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒවන විටත් ඇය මියගොස් සිට ඇත.

මොවුන්ගේ නිවස මහවැලි ගඟ ආසන්නයේ පිහිටා ඇති අතර දහවල් කාලයේ මහවැලි ගගේ රැඳී සිටින වන අලි රාත්‍රියවත්ම මහවැලි ගඟේ සිට ගම්මාන කරා පිවිසෙති.

එසේ ගම්වදින වන අලි ගම්වැදීම සිදු කරනු ලබන්නේද මියගිය දැරියගේ ගෙවත්තෙනි.

මහවැලි ගඟ දිගේ විදුලි වැටක්ද ස්ථාපනය කර තිබෙන අතර, එම විදුලි වැට පෙරළාගෙන නිරන්තර වන අලි ගම් වදිති.

ඊයේද එලෙස විදුලි වැට පෙරළා වන අලියා ගම්වැද ඇති අතර, රාත්‍රියට ගම්වැදී සිට නැවත වන අලියා මහවැලි ගඟ දක්වා ගමන් කිරීමේදී සිසුවිය එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, දැරියට පහරදුන් වන අලියා ඊයේ දහවල්ද මහවැලි ගඟේ රැඳී සිටිනු දක්නට ලැබුණි.

ගම්වැසියන් රාශියක් චෝදනා කර සිටින්නේ බලධාරීන් මෙම ගැටලුවට නිසි ආකාරව මැදිහත් නොවන බවටයි.

හසලක, ගඟේ යාය, 05 ඇළ ප්‍රදේශයේ ජනතාව වන අලි ග්‍රහණය මැද ඉතා අමාරුවෙන් ගොවිතැන් කටයුතු කරගෙන යන ගොවි ජනතාවක් සිටින ප්‍රදේශයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery