අද අලුයම දෙදරු මවක් ඇලක ගසාගෙන යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න(PHOTOS)..

Sri Lanka
By Aruna Jun 05, 2022 02:34 AM GMT
Report

කානනසල්රි ජලාශයට හැටන් ප්‍රදේශයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ගසාගෙන විත් ගලක් මත රැදි සිටි දෙදරු මවක් බේරා ගැනිමට දික්ඔය ප්‍රදේශවාසින් සහ හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි ඇත.

හැටන් දික්ඔය වතුයායේ පදිංචි දෙදරු මව අලුයම අවදි වි දික්ඔය වනරාජා වතු යායේ තම පුතාගේ නිවසට යාම සදහා දික්ඔය ඇළ තරණය කිරිමට ගිය අවස්තාවේ දික්ඔය ඇළෙහි සැඩ පහරට හසු වි පහලට ගසාගෙන යන විට දික්ඔය ඇළ අසල පදිංචිකරුවන් සහ හැටන් පොලිසියේ නිලධාරින් වහාම ක්‍රියාත්මක වි දෙදරු මව බේරාගෙන ඇත.

බේරාගත් දෙදරු මව හැටන් පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවසටම ගොස් නැවත භාර දිමට පියවර ගැණින.

මුදාගත් දෙදරු මව මානසික රෝගි තත්ත්වයකින් පෙලෙන අයෙකු බවට තොරතුරු අනාවරණය වි ඇති බවයි හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery