වැරඳි පාරෙ යෑමෙන් මාරක අනතුරු 02ක්..04ක් මරුට..03ක් රෝහලේ.
මාදම්පේ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්මව සහ පුතු මියගොස් තිබෙනවා.
මේ අතර කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2 දෙකේදී ( මිල්ලනිය ) පෙරළී යාමෙන් පියකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම , කොතලාවල , රේණුකාරාම පාරේ , පදිංචි එච්.එම්.සමන් කුමාර (38) සහ එච්.එම්.එස්.ඔනිත්මා නමැති සිව් හැවිරිදි දියණියක බව පොලිසිය කියයි මව පියා දැරියන් දෙදෙනා සහ තවත් පුද්ගලයක අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරක් සමගම පියා සහ දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි අනතුරින් තුවාල ලද මව හා දියණිය කලුතර නාගොඩ රෝහල ටත් අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |